විශ්වාසය භංග කළ බවට ඇපල් සමාගමට එරෙහිව නඩුවක්

ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාන්ත 15ක් එකතුව ලෝකප්‍රකට ඇපල් සමාගමට එරෙහිව විශ්වාසභංග නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ, ස්මාට්ෆෝන් වෙළඳපොළ ඒකාධිකාරී කිරීම සම්බන්ධයෙන්.

ඔවුන් චෝදනා කරන්නේ මෙම ඒකාධිකාරය ගොඩනගා ගැනීම හරහා ඇපල් සමාගම අධික ලෙස ලාභ ලබන බවයි.

අයිෆෝන් එකක් සඳහා ඩොලර් 1,599ක් දක්වා අයකිරීමෙන්ම මේ බව තහවුරු වන බවත්, එම මුදල තරගකාරී අනෙක් සමාගම් හා සංසන්දනය කරන විට ඉතා අධික බවටත් ඔවුන් චෝදනා කරනවා.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව තර්ක කරන්නේ මෙලෙස ගොඩනගාගෙන ඇති ඒකාධිකාරය හේතුවෙන් පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවීමට සිදුනොවිය යුතු බවයි.

එමෙන්ම මෘදුකාංග සංවර්ධකයින්, කෙඩිට් කාඩ් පත් සමාගම්, ගූගල් වැනි තරගකාරී අනෙකුත් ව්‍යාපාරික ආයතනවලින් ඇපල් සමාගම ගාස්තු අය කිරීමට කටයුතු කරන බවත්, අවසානයේ එම පිරිවැයත් ඇපල් ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ට දැරීමට සිදුව ඇති බවත්, අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මතු කරන තවත් තර්කයක්.

නීතිපති මෙරික් ගාර්ලන්ඩ් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වය ද ඇපල් සමාගමේ අසීමිත ලාභ ලැබීමට හේතු වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09