විශ්වවිද්‍යාල ඇතුලෙ වෙච්ච දෙයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි හැදෑරීම සඳහා මෙන්ම පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් අනුමත කරගෙන තිබුණ ද, ඇතැම් පාඨමාලා අතහැර දැමීම සහ ඒවා භාවිතයට නොගෙන සිටී නම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා.

කෝප් කමිටුව විසින් ඒ පිළිබඳව අවධානයට ලක් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමිනුයි එම සංගමය මෙම අදහස් පළ කළේ.

කෝප් කමිටුව විසින් ප්‍රකාශ කර සිටියේ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට රුපියල් මිලියන 25ක් ලබා දී තිබුණත්, ඔවුන් මේ වනවිට එම පාඨමාලා අතහැර දමා ඇති බවයි.

එසේම, 2017 වසරේදී කථිකාචාර්යවරුන් 12 දෙනෙකු රුපියල් මිලියන 34 යි දශම 3 ක් පර්යේෂණ සඳහා අනුමත කරගෙන තිබුණත් එය භාවිතයට ගෙන නොමැති බව ද කෝප් කමිටුව අවධාරණය කළා.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ යම් ආචාර්යවරයෙකු හෝ කථිකාචාර්යවරයෙකු එලෙස කටයුතු කර ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

එසේම, අදාළ ආචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් එම මුදල් භාවිතයට නොගැනීම සහ ඇතැම් පාඨමාලා අතරමඟ නතර කර දැමීමට හේතුව නිසි පරිදි සොයා බැලිය යුතු බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මීට අමතරව ආචාර්ය උපාධිය හදාරා ඇති 15 දෙනෙකු විශ්වවිද්‍යාලවලින් ඉවත්ව ඇති බව ද කෝප් කමිටුව අවධාරණය කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ ඕනෑම ආචාර්ය උපාධියක් හැදෑරීමෙන් අනතුරුව එම ආචාර්යවරුන් විශ්වවිද්‍යාලවල සේවය කිරීමට අදාළව ගිවිසුමකට එළැඹෙන බවයි.

මේ අතර, ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා පිරිසට බාහිරව සරසවි ප්‍රවේශය සඳහා අභියෝගතා පරීක්ෂණ මගින් ඇතුළත් කර ගැනීම අනවශ්‍ය බව තීරණය කරන්නේ නම්, එය අහෝසි හෝ අවම කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා. 2012 වසරේදී විශේෂ කැබිනට් අනුමැතියකට අනුව විශ්වවිද්‍යාල 13 ක පාඨමාලා 38 ක් සඳහා සිසුන් බඳවා ගැනීමට මෙම පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දුන්නා.

කෝප් කමිටුව හමුවේ අදහස් දක්වමින් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසා ඇත්තේ මෙම පාඨමාලා අවශ්‍ය පරිදි අඩු කිරීම හෝ අහෝසි කිරීම සිදුකළ යුතු බවයි.

මෙම පරීක්ෂණ ක්‍රමය නිසා ඉසෙඩ් අගය මත සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ ජාතික ප්‍රතිපත්තියට යම් හානියක් සිදුවන බව පෙනී යන්නේ යැයි කෝප් කමිටුව ද ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22