විශ්වවිද්‍යාල 03ක උපකුලපතිවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් (ඡායාරූප)

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් පසුගිය දින කිහිපයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡා සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් එක්ව සිටියා.

මෙම සාකච්ඡාවල දී විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව දීර්ඝව සාකච්ඡා වී ඇති අතර, ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාවන සම්බන්ධයෙන් ද අවදානය යොමුව තිබෙනවා.

විශ්ව විද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම මෙම සාකච්ඡාවල දී අවදානයට ලක්ව ඇති අතර, තවද විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අනාවරණය වී තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් අවදානයට ලක්කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ ජේෂ්ඨ නිළධාරීන් විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දී ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම විශ්වවිද්‍යාල අසල ආරක්ෂක මුර සංචාර ගණන වැඩි කිරීමට ද අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.
මීට අමතරව විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව වැඩි කිරීමට ද කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19