විශ්වවිද්‍යාල 03ක උපකුලපතිවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් (ඡායාරූප)

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් පසුගිය දින කිහිපයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡා සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන් ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් එක්ව සිටියා.

මෙම සාකච්ඡාවල දී විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව දීර්ඝව සාකච්ඡා වී ඇති අතර, ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාවන සම්බන්ධයෙන් ද අවදානය යොමුව තිබෙනවා.

විශ්ව විද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම මෙම සාකච්ඡාවල දී අවදානයට ලක්ව ඇති අතර, තවද විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අනාවරණය වී තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් අවදානයට ලක්කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ ජේෂ්ඨ නිළධාරීන් විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දී ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම විශ්වවිද්‍යාල අසල ආරක්ෂක මුර සංචාර ගණන වැඩි කිරීමට ද අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.
මීට අමතරව විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව වැඩි කිරීමට ද කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52