විශ්වවිද්‍යාල සිසුන් 6ක් අත්අඩංගුවට

මඩකලපුව සිද්ධානි ප්‍රදේශයේ තෘණ ඉඩම් ගොවීන්ගේ විරෝධතාවයට සහය පළ කරමින් විරෝධතාවයේ නිරත වූ යාපනය විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රථ වාහන ගමනාගමනයට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

උපවාසයේ නිරත ගොවීන්ට සහය පළ කරමින් යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් අද උදෑසන 9ට චිතණ්ඩි ප්‍රදේශයේ රැස්ව ගොවීන් සිටින ස්ථානයට පා ගමනින් පැමිණ තිබෙනවා.

එම ප්‍රදේශයට කැරලි මර්දන පොලිසිය යොදවා ආරක්‍ෂාව දැඩි කර තිබූ බවයි වාර්තා වන්නේ.

විරෝධතාව අවසන් වීමෙන් පසු සිසුන් බස් රථයේ නැගී නැගෙනහිර විශ්වවිද්‍යාලය දෙසට ගමන් කරමින් සිටියදී පොලිසිය බස් රථය විශ්වවිද්‍යාලය අසල නවතා එහි සිටි සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් වන අතර ඔවුන් නීතිවිරෝධී ලෙස පෙළපාලි යාම සහ මහජන පීඩාවක් ඇති කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11