spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්වවිද්‍යාල සිසුන් 6ක් අත්අඩංගුවට

මඩකලපුව සිද්ධානි ප්‍රදේශයේ තෘණ ඉඩම් ගොවීන්ගේ විරෝධතාවයට සහය පළ කරමින් විරෝධතාවයේ නිරත වූ යාපනය විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රථ වාහන ගමනාගමනයට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

උපවාසයේ නිරත ගොවීන්ට සහය පළ කරමින් යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් අද උදෑසන 9ට චිතණ්ඩි ප්‍රදේශයේ රැස්ව ගොවීන් සිටින ස්ථානයට පා ගමනින් පැමිණ තිබෙනවා.

එම ප්‍රදේශයට කැරලි මර්දන පොලිසිය යොදවා ආරක්‍ෂාව දැඩි කර තිබූ බවයි වාර්තා වන්නේ.

විරෝධතාව අවසන් වීමෙන් පසු සිසුන් බස් රථයේ නැගී නැගෙනහිර විශ්වවිද්‍යාලය දෙසට ගමන් කරමින් සිටියදී පොලිසිය බස් රථය විශ්වවිද්‍යාලය අසල නවතා එහි සිටි සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් වන අතර ඔවුන් නීතිවිරෝධී ලෙස පෙළපාලි යාම සහ මහජන පීඩාවක් ඇති කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?