විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු වෘත්තීය සමිති විරෝධතාවක

විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති අද (25) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම, අසාධාරණ බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළ යෑම, රාජ්‍ය පරිපාලනය ඇති අක්‍රමිකතා යන කරුණු මුල්කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාවය පවත්වනු ලැබුවා.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, අන්තර් විශ්වවිද්‍යාලීය සේවා වෘත්තිය සමිතිය, විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය, ඇතුළු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති රැසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බවයි වාර්තා වුණේ.