විශ්වමඩු කලහකාරී සිද්ධියට හේතු හෙළිවෙයි

මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේ ඊයේ (18) ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙහිදී හමුදා සෙබළුන් තිදෙනෙකු සහ සාමාන්‍ය පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි යුද හමුදා මුරකුටියක් අසල ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට හමුදාව විසින් ඊයේ අහසට වෙඩි තබා තිබුණා.

බීමත්ව පැමිණි පිරිසක් විසින් හමුදා මුරකුටියේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමත් සමඟ මෙම කලහකාරී තත්ත්වය ඇතිව තිබෙනවා.

එම පිරිස විසින් හමුදා මුරකුටියට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර, එහි සිටි හමුදා නිලධාරීන් සිය හමුදා අනුඛණ්ඩයට ඒ පිළිබඳව දැනුම් දීමට පියවර ගෙන ඇති බව සඳහන්.

පසුව එම ස්ථානයට පැමිණි හමුදා භට පිරිස් රැගත් ට්‍රක් රථයකට ද අදාළ පිරිස ගල් සහ බෝතල් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

තත්ත්වය පාලනය කිරීමට හමුදාව විසින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර පසුව පොලිසිය ද පැමිණ එම කලහකාරී තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18