spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට

විශ්‍රාමික වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

රට තුළ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවටයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

නැවත කැඳවනු ලබන විශ්‍රාමික වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතුළත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ පිරිසක් රට හැර යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවතීම හමුවේ මෙම පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් රටේ රෝහල් කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?