විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට

විශ්‍රාමික වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

රට තුළ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවටයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

නැවත කැඳවනු ලබන විශ්‍රාමික වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතුළත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ පිරිසක් රට හැර යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවතීම හමුවේ මෙම පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් රටේ රෝහල් කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39