විශ්‍රාමික රණවිරුවන් රුසියානු – යුක්‍රේන යුද්ධයට විකුණන මිනිස් ජාවාරම්කරුවන්ට නීතිය තදවෙයි (වීඩියෝ)

ත්‍රිවිධ හමුදා රණවිරුවින් විශාල පිරිසක් සිය විශ්‍රාම දිවිය තුළ දී නීතිවිරෝධි කූඨ විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසක් විසින් කරන ලද මිනිස් ජාවාරමකට හසුව ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස අනීතික අයුරින් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට යොමුකර කුලී හමුදා සාමාජිකයන් ලෙස දුක්ඛිත තත්ත්වයට පත්ව ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසන්නේ.

මෙම යුද පෙරමුණුට කටයුතු කරමින් සිටිය දී මෙරට රණවිරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් මියගොස් ඇති බවත්, තවත් කොටසක් තුවාල ලබා ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ශ්‍රි ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්හි ගෞරවාන්විතව සේවය කර විශ්‍රාම ගොස් ඇති මෙවන් රණවිරුවන් විදෙස් රටක කුලී හේවායන් ලෙස මෙලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ඇති වීම කණගාටුවට කරුණක් බව ද ආරක්ෂක ලේකම්වරයා පවසනවා.

එමෙන්ම විදෙස් හමුදාවට එක් කිරීම, විශාල වැටුපක් ලබාදීම, පුරවැසිභාවය හිමිගැන්වීම මෙන්ම තවත් විශාල ප්‍රතිලාභ ලබාදෙන බවට ජාවාරම්කරුවන් විසින් ලබාදෙන ලද ව්‍යාජ පොරොන්දුවලට අනුව රණවිරුවන් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට කුලී හමුදා සාමාජිකයන් ලෙස යොමු කළ ද ඔවුන් වෙත කිසිදු වැටුපක්, එවැනි ප්‍රතිලාභයක් හෝ මියගිය හෝ තුවාල ලැබූ අයට වන්දි මුදල් ලබාදීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර නැති බවත් මෙහිදී කරුණු අනාවරණය ඇති බව ඔහු දැනුම් දෙනවා.

ආරක්ෂක ලේකම්යුවරයා තව දුරටත් පෙන්වා දෙන්නේ පෙරමුණෙහි යොදවන ලද අප රණවිරුවන් පිළිබඳව කිසිදු තොරතුරක් තම පවුල්වල සාමාජිකයන් වෙත ලබාදීමට ද ඔවුන් කටයුතු කර නැති බවයි.

රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට ජාවාරම්කරුවන් විසින් යොමුකරන ලද අප රණවිරුවන් පිළිබඳව ඒ අතුරින් තුවාල ලැබුවන් පිළිබඳව මෙන්ම මෙහිදි මියගිය අයවළුන් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශයත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් විශාල උත්සාහයක් දරමින් සිටින බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ජාවාරම්කරුවන් විසින් අප‍ විශ්‍රාමික රණවිරුවන් අනීතික අයුරින් ව්‍යාජ පොරොන්දු මත විදෙස් යුද සේවයේ කුලී හේවායන් ලෙස යොමුකර ඔවුන්ගේ ජීවිත අනතුරෙහි හෙළා ඇති පසුබිම තුළ රටේ ජනතාව තවදුරටත් මෙම ජාවාරමෙහි කොටස්කරුවන් ලෙස හසු නොවන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස තමන් විශේෂ ඉල්ලිමක් සිදුකරන බවද ඔහු පවසනවා.

ශ්‍රි ලාංකීය පුරවැසියන් වන මෙම රණවිරුවන් විදෙස් රටක කුලී හේවායින් ලෙස යොදාගැනීමට කටයුතු කර වටිනා ජීවිත අනතුරුට ලක්කිරීම ඉඩ තැබිය නොහැකි බව අවධාරනය කරමින් අප රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බුද්ධි අංශ එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වන විට විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් මේ වන විට එයට සම්බන්ධ අයවළුන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් හෙළිකර ගන්නා තොරතුරුවලට අනුව මෙම මිනිස් ජාවාරම සිදුකරන ජාවාරම්කරුවන්ටත් ඒ හා සම්බන්ධ සමාගම්වලටත් ඒ සඳහා අනුග්‍රහය දක්වන සියලු දෙනාටත් විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32