විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව රුපියල් ලක්ෂ 03ක දඩයක් ද නියම කළ විනිසුරුවන් එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ වුවොත් අමතරව මාස හයක සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

සාමාජික විනිසුරු ගාමිණී අමරසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ තමන් ද අදාළ චෝදනාවට විත්තිකරු වරදකරු කරන බවයි.

ඒ, අනුව තමා ඔහුට මාස 30ක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 03ක දඩයක් නියම කරන බවත්, එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව මාස 06ක සිරදඬුවමක් නියම කරන බවත් විනිසුරුවරයා සදහන් කළා.

2020 වසරේ ජනවාරි මස 19 වනදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අජිත් ප්‍රසන්නට එරෙහිව මෙම චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16