විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට පහර දී ගෙල බැඳි රන් මාලය සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා හෝමාගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
හෝමාගම හිරිපිටිය මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මග හරස් කළ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
