විශ්මිගේ සහ හර්ෂිතාගේ ශතක ද්විත්වයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තීරණාත්මක දෙවන තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, ලකුණු 274ක් වූ ඉලක්කය කඩුලු 02ක් පමණක් ලබා දී හඹාගොස් තරගයේ ජය වාර්තා කරමින්.

හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 273ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එහිදී සිද්‍රා අමීන් නොදැවී ලකුණු 100ක් රැස්කරමින් ශතකයක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා තරගය ජය ගැනීමට ලකුණු 274ක ඉලක්කයක් හිමිවුණා.

මනාව පිත්ත හසුරවමින් සිය කණ්ඩායම ඉලක්කය වෙත රැගෙන ගිය ආරම්භක පිතිකාරිනිය වූ විශ්මි ගුණරත්න පන්දු 123කින් ලකුණු 123ක් රැස්කර ගත්තේ සිය එක්දින ශතක මල්ලට තවත් ශතකයක් එකතු කර ගනිමින්.

විශ්මිගේ දැවී යාමෙන් පසු කණ්ඩායමේ කඩුලු බිඳ වැටීමට ඉඩ හසරක් නොදී කණ්ඩයමේ වගකීම සිය දෝතට ගත් හර්ෂිතා සමරවික්‍රම ද නොදැවී ලකුණු 100ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමට තවත් අඟනා ශතකයක් එක්කළා.

ඒ අනුව ලකුණු 274ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා පිළ පන්දුවාර 46යි පන්දු 05ක් තුළ කඩුලු දෙකක් පමණක් ලබා දී එම ඉලක්කය පසුකර යමින් තරගය ජය ගත්තා.

තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගය පාකිස්ථාන කාන්ත කණ්ඩායම ජයගත් අතර, 1 -1 ක් ලෙස කණ්ඩායම් දෙකම මේ වන විට තරග ජයගෙන සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22