spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහ වී හෝරා කිහිපයකින් යුද බිමට පිවිසි ආදරණීය යුවල

තම විවාහයෙන් හෝරා කිහිපයකට පසුව මධුසමය පසෙකලා ගිනි අවිය අතටගත් අපූරු යුවලක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම යුවල ගැන තොරතුරු වාර්තා වන්නේ යුක්‍රේනයෙනි.

Yaryna Arieva සහ Sviatoslav Fursin යන මෙම යුවළ යුක්‍රේන අගනුවර වන කියුව් හි වාසය කරයි.

ඔවුන් මැයි මාසයේදී සිය විවාහ උත්සවය පැවැත්වීමට තීරණය කර සිටිය මුත් යුද්දයට පෙර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විවාහය ඉක්මන් කිරීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා සිහිනෙකින්වත් නොපැතූ අන්දමින් විවාහය සිදුකර හෝරා කිහිපයකට පසුව රුසියානු හමුදාව යුක්‍රේනයට පහරදීම ආරම්භ කළේය.

නොසිතූ ලෙස තම රටට එල්ලවූ ප්‍රහාරය හමුවේ මෙම නව යුවළ විසින් දැඩි තීරණයක් ගත්තේය.

ඒ අනුව ඔවුන් තීරණය කරනු ලබන්නේ මධුසමයට යාම අතහැර රුසියාවට එරෙහිව අවි අතට ගැනීමටය.

දැන් ඔවුන් දෙදෙනා අඛණ්ඩව යුද බිමේ තම රට සතුරන්ගෙන් බේරාගැනීමේ සටනේ නියැලී සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරූපී මනාලිය Yaryna Arieva පැවසුවේ…

“සිදුවෙමින් පවතින දේ පිළිබඳව අපට තේරුම්ගැනීමට අපහසුයි. අපිත් එක්ක ඉන්න කවුරුවත් මේ යුද්ධය පරදිනවා කියලා හිතන්නේ නෑ. අපිත් එක්ක ඉන්න කවුරුවත් අඬන්නේ නෑ. අපිත් එක්ක ඉන්න හැමෝම විශ්වාස කරන එකම දේ අපි මේක ජයග්‍රහණය කරනවා කියන එක විතරයි. මේ සියල්ලම කාලය පිළිබඳව ප්‍රශ්නයක් පමණයි”.

තමන් මුහුණදී ඇතිතත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Fursin පැවසුවේ, “මිනිසා සැමවිටම කැමතියි නිදහසට. මේ අය තම නිදහස වෙනුවෙන් සටන් කරන්න සුදානම්,” යනුවෙනි.

May be an image of 6 people, people standing and indoor
May be an image of 4 people, people standing and indoor
May be an image of 4 people, people standing and indoor
May be an image of 2 people and indoor
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?