විවාහ වී හෝරා කිහිපයකින් යුද බිමට පිවිසි ආදරණීය යුවල

තම විවාහයෙන් හෝරා කිහිපයකට පසුව මධුසමය පසෙකලා ගිනි අවිය අතටගත් අපූරු යුවලක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම යුවල ගැන තොරතුරු වාර්තා වන්නේ යුක්‍රේනයෙනි.

Yaryna Arieva සහ Sviatoslav Fursin යන මෙම යුවළ යුක්‍රේන අගනුවර වන කියුව් හි වාසය කරයි.

ඔවුන් මැයි මාසයේදී සිය විවාහ උත්සවය පැවැත්වීමට තීරණය කර සිටිය මුත් යුද්දයට පෙර ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් විවාහය ඉක්මන් කිරීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා සිහිනෙකින්වත් නොපැතූ අන්දමින් විවාහය සිදුකර හෝරා කිහිපයකට පසුව රුසියානු හමුදාව යුක්‍රේනයට පහරදීම ආරම්භ කළේය.

නොසිතූ ලෙස තම රටට එල්ලවූ ප්‍රහාරය හමුවේ මෙම නව යුවළ විසින් දැඩි තීරණයක් ගත්තේය.

ඒ අනුව ඔවුන් තීරණය කරනු ලබන්නේ මධුසමයට යාම අතහැර රුසියාවට එරෙහිව අවි අතට ගැනීමටය.

දැන් ඔවුන් දෙදෙනා අඛණ්ඩව යුද බිමේ තම රට සතුරන්ගෙන් බේරාගැනීමේ සටනේ නියැලී සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරූපී මනාලිය Yaryna Arieva පැවසුවේ…

“සිදුවෙමින් පවතින දේ පිළිබඳව අපට තේරුම්ගැනීමට අපහසුයි. අපිත් එක්ක ඉන්න කවුරුවත් මේ යුද්ධය පරදිනවා කියලා හිතන්නේ නෑ. අපිත් එක්ක ඉන්න කවුරුවත් අඬන්නේ නෑ. අපිත් එක්ක ඉන්න හැමෝම විශ්වාස කරන එකම දේ අපි මේක ජයග්‍රහණය කරනවා කියන එක විතරයි. මේ සියල්ලම කාලය පිළිබඳව ප්‍රශ්නයක් පමණයි”.

තමන් මුහුණදී ඇතිතත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Fursin පැවසුවේ, “මිනිසා සැමවිටම කැමතියි නිදහසට. මේ අය තම නිදහස වෙනුවෙන් සටන් කරන්න සුදානම්,” යනුවෙනි.

May be an image of 6 people, people standing and indoor
May be an image of 4 people, people standing and indoor
May be an image of 4 people, people standing and indoor
May be an image of 2 people and indoor


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56