spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වූ 26කට කොවිඩ්

මිනුවන්ගොඩ කමරගොඩ ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වූ 26දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.සෞඛ්‍ය අංශ පැවසුවේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගේ විවාහ මංගල උත්සවයකින් අනතුරුව මෙලෙස ආසාදිතයින් වාර්තා වූ බවයි.

මොවුන් සඳලංකාව ප්‍රදේශයේ දේවස්ථානයක විවාහ දෙක සිදුකර ඇති අතර දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දෙවැනි දිනයේ උත්සවය පවත්වා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඉන් එක් මනාලයෙකු ඇතුළු තවත් පස්දෙනෙකු ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ.

අනතුරුව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කමරගොඩ රෝමානු කතෝලික දේවස්ථාන භූමියේ දී මංගල උත්සවයට සහභාගී වූවන් ගෙන් 28 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණය සදහා යොමු කර ඇති අතර, ඉන් 26කට කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත.
සෞඛ්‍ය අංශ පැවසුවේ කමරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක් මේ වන විට නිවෙස් තුළ නිරෝධායන සඳහා යොමු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?