විවාහක රූ රැජිණ තරඟයේ සිද්ධිය ගැන ලෝක සංවිධායකයන් කණස්සල්ල පළ කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජිණ සංවිධායකයන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් සදහන් කර ඇත්තේ වර්තමාන විවාහක ලෝක රූ රැජිණ වන ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම අවස්ථාවේදී හැසිරුණු ආකාරය පිළිබදව තම සංවිධානය කණස්සල්ල පළ කරන බවයි. එමෙන්ම, සිද්ධිය පිළිබද ඇගයීමකින් පසු අවශ්‍ය පියවර ගන්නා බව ද එමගින් අවධාරණය කළා.

එමෙන්ම, ශ්‍රී ලංකා සංවිධායකයින් විසින් විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය සඳහා නීත්‍යානුකූලව විවාහක කාන්තාවක ඉදිරිපත් කරන්නේ නම් ඇය ඒ සඳහා පිළිගන්නා බවයි.

එම නිවේදනය පහතින්.

267627 1

විවාහක රූ රැජින තරඟයේ අවසන් තරඟය සඳහා තරගකාරියන් 20 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණේ ජාත්‍යන්තර තරගාවලියේදී සළකා බැලෙන සුදුසුකම් යටතේ බවයි සංවිධායකයින් සඳහන් කළේ.

ජාතත්‍යන්තර තරගාවලියේ ප්‍රධාන තරග කොන්දේසි වන්නේ තරගකාරිය තරඟාවලියට අයදුම් කරන අවස්ථාව වන විට විවාහක තැනැත්තියක් වීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම, සහ තමන් තරගාවලිය නියෝජනය කරන රටේ පදිංචිකාරියක වීමයි.

ඒ අනුව රූ රැජිණ තේරීමේ තරගයේ අවසන් තරගකාරියන් බවට පත්ව සිටියේ අංක 17 යටතේ තරග වැදුණු අයේෂා බස්නායක සහ අංක 20 යටතේ තරග වැදුණු පුෂ්පිකාද සිල්වා යන අයයි.

එහිදී කිරුළේ ජයග්‍රාහිකාව නිවේදනය කෙරුණේ මෙලෙසින්.

ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට කිරුළ පළදවනු ලැබුවේ 2020 ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ හිමිකරගත් කැරොලයින් ජුරි මහත්මියයි.

නමුත් ඊට ටික වේලාවකට පසු ජයග්‍රාහිකාවට කිරුළ පැළදීමට එක්වූ කැරොලින් ජූරි මහත්මිය විශේෂ නිවේදනයක් කළා.

ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැළදවූ කිරුළ ඇගෙන් ඉවත්කර දෙවන ස්ථානයට පත්වූ රූ රැජිනට පැළඳවූවා.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත සදහන් කළේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේදී හිසට තුවාල සිදුවීම හේතුවෙන් තමා රෝහල් ගත වූ බවයි.

මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය ප්‍රකාශ කළේ ලංකාවේ පමණක් නොව ලෝක රූ රැජිණ ඉතිහාසයේද පළමු වරට මෙලෙස අපහාසාත්මකව සියල්ලන් ඉදිරියේ කිරුළ උදුරා ගැනුනත් තමන් පෙර සේම අභිමානයෙන් සිටින බවයි.

ඇය පෙන්වා දෙන්නේ තමන් තරගාවලියට නුසුදුසුනම් ආරම්භයේදීම සංවිධානයකින්ට තමන් ඉවත් කිරීමට හැකියාව තිබූ බවයි.

එම නිසා අදාළ සිදුවීම් පිළිබඳ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයයුතු කරමින් සිටින බවත් තමන් දික්කසාද වී නොමැති බවත් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන මගින් අවධාරණය කර තිබෙනවා.

අදාළ සිදුවීම පිළිබඳ පුෂ්පිකා ද සිල්වා මහත්මිය කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර අද පස්වරුවේ ප්‍රකාශයක් ලබා ගැනීමට ඇයට පොලිසිය වෙත පැමිණෙන ලෙසද දැනුම් දී තිබුණා.

අදාළ සිදුවීම් පිළිබඳ මෙරට පළමු විවාහක රූ රැජිණ බවට පත්වෙමින් ජගත් කීර්තියක් ගෙන දුන් රෝසි සේනානායක මහත්මියද අදහස් පළ කළා.

කෙසේ වෙතත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ දෙවැනි ජයග්‍රාහිකාවට පැළඳීමට කටයුතු කළ 2020 ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි මහත්මියගෙන්ද මෙමම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට අප අවස්ථා කිහිපයකදී උත්සාහ කළද ඇය දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

මේ අතර තරග සංවිධායකින් පැවසුවේ නිල වශයෙන් කිරුළ හිමිවූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද දිනයේ යළිත් කිරුළ පැළඳීමට අපේක්ෂා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50