විවාහක බිරිඳ උස්සන් ආ පුද්ගලයා අත්අඩංගුවට – එක් කතක් රෝහලටත්

කළුතර – වස්කඩුව තුන්මහල් නිවසක ඉහළ මහලේ බලහත්කාරයෙන් රඳවා සිටි කාන්තාවක් එම ගොඩනැගිල්ලෙන් පලා යාමට උත්සාහ කිරීමේ දී ඇද වැටී රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කළුතර උතුර පොලිස් වසමට අයත් වස්කඩුව ප්‍රදේශයේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ පිහිටි තුන්මහල් නිවසක ඉහළ මහලේ කුලී පදනම මත දැනට මාස තුනකට පමණ පෙර යුවළක් පැමිණ පදිංචි වී ඇති බවයි.

එම කුලී නිවසේ සිටි සැකකාර පුද්ගලයා දින දෙකකට පමණ පෙර තවත් කාන්තාවක් එම නිවසට රැගෙන විත් තිබෙනවා.

පසුව රැගෙන එන ලද කාන්තාව ඊයේ (19) රාත්‍රී 07ට පමණ තුන්වන මහලින් පැන යාමට උත්සාහ කිරීමේ දී ඇද වැටී තුවාල ලබා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ බව කළුතර උතුර පොලිසිය සඳහන් කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවත් සැකකාර පිරිමි පුද්ගලයා ඔහුගේ අනියම් බිරිඳත් සමඟ දැනට මාස තුනක පමණ පෙර සිට මෙම කුලී නිවසේ රැඳී සිට ඇති බවයි.

සැකකාර පිරිමි පුද්ගලයා විවාහක පුද්ගලයෙකු බවත් ඔහුගේ පළවෙනි බිරිඳ ඔහු අතහැර යාමෙන් පසුව මෙම අනියම් කාන්තාව සමග ඔහු කුලී නිවසේ ජීවත්ව සිට ඇති බවත් ඉන් පසුව ඔහුගේ විවාහක බිරිඳ හෝමාගම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක සේවය කරමින් සිටින අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණ ඔහුගේ බිරිඳ බලහත්කාරයෙන් මෙම කුලී නිවසට රැගෙන විත් ඇති බවයි.

ඉන්පසුව මොවුන් තිදෙදෙනාම මෙම කුලී නිවසේ ජීවත්ව සිට ඇති බවත් ඔවුන් අතර නිරන්තරයෙන් අඩ දබර සිදු ව ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔවුන් අතර පවතින ගැටලුකාරී තත්ත්වය නිසා කුලී නිවස හිමියන් ද ඔවුන් වෙත නැවත නිවස ලබා දී පිටව යන ලෙස ද අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකාර පුද්ගලයාගේ වධහිංසා ඉවසාගත නොහැකි වූ දෙවැනි වර රැගෙන එන ලද කාන්තාව එනම් ඔහුගේ විවාහක බිරිඳ ඇය රඳවා සිටි කාමරයේ ජනේලය භාවිතා කරමින් ඇය විසින්ම කාමරයේ දි සකස් කරන ලද රෙදිවලින් සැකසූ ආධාරකයක් භාවිතා කරමින් එම ගොඩනැගිල්ලෙන් බිමට බැසීමට උත්සාහ කිරීමේ දී එම ආධාරකය ද කඩාගෙන ඇයව බිමට ඇද වැටී තිබෙනවා.

විශාල ශබ්දයක් සමග ඇද වැටුණු මෙම කාන්තාව අසල පිහිටි නිවසේ ගෙමිදුලට වැටී ඇති බව එම ගෙහිමියන් කළුතර උතුර පොලිසියට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසුව සැකකාර පුද්ගලයා විසින්ම එම කාන්තාව කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ කළුතර උතුර පොලිසිය මේ වන විට (20) එම කුලී නිවසේ සිටි පිරිමි පුද්ගලයා සහ ඔහු ප්‍රථමයෙන් රැගෙන එන ලද අනෙක් කාන්තාව ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගොඩනැගිල්ලෙන් ඇද වැටී තුවාල ලබා ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක් වියැති කාන්තාවක්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ද වැලිගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ කළුතර උතුර පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21