spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විලියම්සන් – සවුති යළිත් පැමිණෙයි

නවසීලන්ත නායක කේන් විලියම්සන් එළඹෙන සිකුරාදා බංග්ලාදේශයට එරෙහි ව චෙන්නායි හි දී පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසනවා.

ස්ටෙඩ් ප්‍රකාශ කරන්නේ ආබාධයක් හේතුවෙන් විලියම්සන් විවේක ගන්වා තිබූ අතර, මේ වනවිට ඔහු පූර්ණ සුවයට පත්වීම හේතුවෙන් ඔක්තෝබර් 13 වැනි දින එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 11 වනි තරගයට ක්‍රීඩා කිරීමට හැකියාවක් ඇති බවයි.

මීට අමතර ව ආබාධයකට ලක් ව සිටි නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන ටිම් සවුති හට ද බංග්ලාදේශයට එරෙහි ව පැවැත්වෙන තරගයේ දොරටුව විවර වී තිබෙනවා.

ඒ ඔහු ද පැවති ආබාධ තත්ත්වයෙන් සුවය ලැබීම හේතුවෙන්.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැරී ස්ටෙඩ් කියා සිටියේ විලියම්සන් සහ සවුතිගේ ක්‍රීඩා විලාසය පුහුණුවීම් සිදු කරන අවස්ථාවේ දී තමන් නිරීක්ෂණය කළ බවත්, ඔවුන් ඉතාමත් යෝග්‍ය සෞඛ්‍ය මට්ටමකින් සිටීම කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?