විලියම්සන් – සවුති යළිත් පැමිණෙයි

නවසීලන්ත නායක කේන් විලියම්සන් එළඹෙන සිකුරාදා බංග්ලාදේශයට එරෙහි ව චෙන්නායි හි දී පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසනවා.

ස්ටෙඩ් ප්‍රකාශ කරන්නේ ආබාධයක් හේතුවෙන් විලියම්සන් විවේක ගන්වා තිබූ අතර, මේ වනවිට ඔහු පූර්ණ සුවයට පත්වීම හේතුවෙන් ඔක්තෝබර් 13 වැනි දින එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 11 වනි තරගයට ක්‍රීඩා කිරීමට හැකියාවක් ඇති බවයි.

මීට අමතර ව ආබාධයකට ලක් ව සිටි නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන ටිම් සවුති හට ද බංග්ලාදේශයට එරෙහි ව පැවැත්වෙන තරගයේ දොරටුව විවර වී තිබෙනවා.

ඒ ඔහු ද පැවති ආබාධ තත්ත්වයෙන් සුවය ලැබීම හේතුවෙන්.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැරී ස්ටෙඩ් කියා සිටියේ විලියම්සන් සහ සවුතිගේ ක්‍රීඩා විලාසය පුහුණුවීම් සිදු කරන අවස්ථාවේ දී තමන් නිරීක්ෂණය කළ බවත්, ඔවුන් ඉතාමත් යෝග්‍ය සෞඛ්‍ය මට්ටමකින් සිටීම කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09