විල් ස්මිත්ගේ අනාගතය විනාශ වුණාද ?

ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී විල් ස්මිත් විසින් ක්‍රිස් රොක්ට එල්ල කල කම්මුල් පහර එක රැයින් මුලු ලෝකය පුරාම ලැව් ගින්නක් මෙන් පැතිර ගියා.තම බිරිඳට නොමනා ලෙස ඇමතූ නිසා ඇති වූ හඳිසි කෝපය නිසා විල් ස්මිත් එලෙස හැසිරුනත් ඔහුට එක කම්මුල් පහරක් නිසා අනාගත රංගන ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට වේ යැයි ඔහු නොසිතන්නට ඇති.කෙසේ නමුත් මේ වන විට විල් ස්මිත් ගේ කලා දිවියට නම් අත්ව ඇත්තේ එතරම් සුබ කාලයක් නොවෙයි.

මේ වන විට ඔහු රඟපෑමට නියමිත වූ චිත්‍රපට බොහෝමයක් දින නියමයක් නැතිව කල් දමා තිබෙනවා.ඇතැම් චිත්‍රපට ඔවුන් ප්‍රදර්ශනය ද කල් දමා තීබෙනවා.නෙට්ෆ්ලික්ස් වැනි ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම්ස් පවා විල් ස්මිත්ගෙන් පළිගන්නා ආකාරයක් දක්නට ලැබෙනවා.

  1. ඔස්කාර් සම්මාන උළෙල වසර 10 කට විල් ස්මිත් ට තහනම් කරන්න ඇකඩමිය තීරණය කළා.
  2. එයට ප්‍රතිචාර වශයෙන් ඇකඩමි එකෙන් අයින් වෙන්න විල් ස්මිත් තීරණය කළා.
  3. විල් ස්මිත් රඟපෑ “බ්‍රයිට්” ෆිල්ම් එකේ දෙවෙනි කොටස වෙන “බ්‍රයිට් 2” නවත්තන්න නෙට්ෆ්ලික්ස් තීරණය කළා.
  4. අයි ඈම් ලෙජන්ඩ් 2 ෆිල්ම් එකෙන් විල් ස්මිත්ව අයින් කරලා ඒ චරිතෙට මයිකල් බී.ජෝර්දාන් ව කාස්ට් කරන්න වෝනර් බ්‍රදර්ස් තීරණය කරලා තිබෙනවා.
  5. නැෂනල් ජියෝග්‍රැෆික් එක විල් ස්මිත් එක්ක කරන පෝල් ටූ පොර්ල් නේචර් ඩොකියුමන්ට්‍රි එක රිලීස් කරන එක ප්‍රමාද කරලා තියෙනවා.
  6. නෙට්ෆ්ලික්ස් විල් ස්මිත් එක්ක කරන ෆාස්ට් ඇන්ඩ් ලූස් ෆිල්ම් එක හෝල්ඩ් කරලා තියෙනවා.
  7. ඇපල් ටී.වී ප්ලස් එක විල් ස්මිත් එක්ක කරන Emancipation ෆිල්ම් එක හෝල්ඩ් කරලා තියෙනවා.
  8. සෝනි පික්චර්ස් එක විල් ස්මිත් එක්ක කරන්න ප්ලෑන් කරන බෑඩ් බෝයිස් 4 ෆිල්ම් එක හෝල්ඩ් කරලා තියෙනවා.
  9. නෙට්ෆ්ලික්ස් විල් ස්මිත් එක්ක කරන ද කවුන්සිල් ෆිල්ම් එක හෝල්ඩ් කරලා තියෙනවා.
  10. සෝනි පික්චර්ස් එක විල් ස්මිත් එක්ක කරන්න ප්ලෑන් කරන හැන්කොක් 2 ෆිල්ම් එක හෝල්ඩ් කරලා තියෙනවා.
  11. සෝනි පික්චර්ස් එක විල් ස්මිත් එක්ක කරන්න ප්ලෑන් කරන කරාටේ කිඩ් ෆිල්ම් එක හෝල්ඩ් කරලා තියෙනවා.

විචාරකයන් කියන විදිහටමේ තාවකාලික තහනම් කිරීම සමහර විට සදාකාලික වෙන්න පුලුවන් කියලත් කියනවා.ඇතැම් අය කියන්නේ නම් මේ දේවල් ඉක්මනින් සමතයකට පත් වේවී විල් හිටියට වඩා ඉහල තැනකට ඒවි කියලයි.

මේ ඔක්කොම අස්සේ ඔහුගේ බිරිඳ ජේඩා නම් කියන්නේ විල් කලබල වුණේ බොරුවට කියලයි.ඒ කොහොම වුණත් මේ වනවිට විල් ස්මිත් ආධ්‍යාත්මික සුවය සහ භාවනාව මගින් සිත සැහැල්ලු කර ගන්නට ඉන්දියාවට ගිහින් ඉන්න බවයි වාර්ථා වන්නේ.ඉදිරියේදී මේ දැවැන්තයාට කුමක් වෙයිද කියන එක ගැන මුලු ලෝකයම අවධානයෙන් ඉන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58
Video thumbnail
සලේ වෙනුවෙන් අත්සන් දහසක මහජන පෙත්සම UN සංවිධානයට දෙයි - ඇයි මෙහෙම තියන් ඉන්නේ?
08:48
Video thumbnail
ජනධිපතිගේ හිත කියවන්න මන් දන්නේ නෑ - එයාට ගෙදර යන්න කියලා අපි කිව්වේ නෑ
06:23
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16