විල්පත්තුව නැවත වවන්න මට බෑ..- බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

විල්පත්තු වන රක්ෂිතයේ ආශ්‍රිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සදහා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් තමාගේ වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය තමාට එරෙහිව ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවත්, එම නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

ආබ්දීන් නීතීඥ සමාගම මගින් ගොනු රිෂාඩ් බදියුදීන් මහතා ගොනු කළ මෙම විශේෂ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය , මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් , පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් , පරිසර ඇමැති , මන්නාරම දිස්ත්‍රික් ලේකම් , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අදාළ අභියාචනාධිකරණය නඩු විභාගයේ නඩු නිමිත්තේ සදහන් කාල සීමාව තුළ තමා නිවාස ඉදිකිරීම් හෝ , වන සංරක්ෂණය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බවද පෙත්සම මගින් පෙන්වා දේ.

කැලෑ එළිපෙහෙළි නැවත පදිංචි කිරීම් සිදු නොකළ බවත් , එලෙස තමා විල්පත්තු රක්ෂිතයට මායිම් පෙදෙස්වල එළිපෙහෙළි කොට නැවැත පදිංචි කිරීම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද බදියුදීන් මහතා සිය විශේෂ අභියාචනයෙන් සදහන් කර ඇත.

එබැවින් ඉකුත් නොවැම්බර් 16 වැනිදා එකී අභියාචනාධිකරණය තීන්දුව බලරහිත කරන්නැයි ද විශේෂ අභියාචක පෙත්සම්කාර රිෂාද් බදුද්දීන් මහතා කියා සිටී.

මෙම වන විනාශයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය කරන ලදී.

පෙත්සම්කරුවන් වෙත නියමිත නඩු ගාස්තු ගෙවන ලෙස ද හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කෙරිණි.

ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.

– lankadeepa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23