විල්පත්තුවේ දී ස්වාමීන් වහන්සේලා සහ මාධ්‍යවේදීන්ට පහර දුන් හතක් අත්අඩංගුවට

ඊයේ (06) දින විපත්තුව ප්‍රේරක කලාපයේ සිදුවන කෝමාරිකා වගාව පිළිබඳව නිරීක්ෂණ චාරිකාවට ගිය පූජ්‍ය පාන්යන්ගල ස්වාමීන් වහන්සේට හා තවත්  ස්වාමීන්වහන්සේට බැණ තර්ජනය කර මාධ්‍යවේදීන්ගේ රථයකට පහර දීමේ සිද්ධියට අදාළව හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජාංගන පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (07) දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙන බව රාජාංගන පොලිස් අධිකාරිවරයා සඳහන් කර සිටියා.