විරෝධතා කළ 66කට රස්සාවත් නැති වෙයි (වීඩියෝ)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවේ නිරත වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ විදුලි සේවකයන් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ මීට පෙර ලිපිකරු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

සංකේත වැඩවර්ජනය අතරතුර මුදල් කවුන්ටර වසා දමා මහජනතාව අපහසුතාවට පත්කිරීම හේතුවෙන් මෙම පිරිසගේ වැඩ තහනම් කළ බවයි ඔහු සඳහන් කළේ.

පසුව සිදු කෙරුණු වැඩිදුර විමර්ශනවලදී තවත් සේවකයින් 51 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට හේතු වූ අතර ඔවුන්ගේ ක්‍රියාවන් හමුවේ මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි අනාවරණය වූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ප්‍රතිව්‍යුහගත කිරීමට සහ පෞද්ගලීකරණයට එරෙහිව ලංවිම එක්සත් වෘත්තීය සමිති සන්ධානය විසින් පසුගිය 03 වනදා සිට පවත්වන ලද දෙදින වර්ජනය සම්බන්ධයෙනුයි මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇත්තේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ද විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබුණේ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වෙමින් සේවාවලට බාධා කරන සේවකයන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48