spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විරෝධතා කළ 66කට රස්සාවත් නැති වෙයි (වීඩියෝ)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවේ නිරත වීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ විදුලි සේවකයන් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ මීට පෙර ලිපිකරු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

සංකේත වැඩවර්ජනය අතරතුර මුදල් කවුන්ටර වසා දමා මහජනතාව අපහසුතාවට පත්කිරීම හේතුවෙන් මෙම පිරිසගේ වැඩ තහනම් කළ බවයි ඔහු සඳහන් කළේ.

පසුව සිදු කෙරුණු වැඩිදුර විමර්ශනවලදී තවත් සේවකයින් 51 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට හේතු වූ අතර ඔවුන්ගේ ක්‍රියාවන් හමුවේ මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි අනාවරණය වූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ප්‍රතිව්‍යුහගත කිරීමට සහ පෞද්ගලීකරණයට එරෙහිව ලංවිම එක්සත් වෘත්තීය සමිති සන්ධානය විසින් පසුගිය 03 වනදා සිට පවත්වන ලද දෙදින වර්ජනය සම්බන්ධයෙනුයි මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇත්තේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ද විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබුණේ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වෙමින් සේවාවලට බාධා කරන සේවකයන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?