විරාට් කෝලිගේ වාර්තාව පාණ්ඩ්‍යායාගේ නම ඉදිරියේ ලියවේ

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දී ඉන්දියාව වෙනුවෙන් විරාට් කෝලි පිහිටුවා තිබූ වාර්තාවක් බිඳ දමන්නට තං ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට ඊයේ (06) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, ඉන්දියාව වෙනුවෙන් වැඩිම අවස්ථා ගණනක දී හයේ පහරකින් 20-20 තරගයක් අවසන් කළ ක්‍රීඩකයා බවට පත් වෙමින්.

හර්දික් පාණ්ඩ්‍යා ඊයේ බංග්ලාදේශය සමඟ පැවති පළමු 20-20 තරගය ද හයේ පහරකින් අවසන් කරමින් ඉන්දියාවට ජයග්‍රහණය හිමිකර දුන්නා.

ඒ, අනුව පාණ්ඩ්‍යා අවස්ථා පහක දී හයේ පහරකින් 20-20 තරග පහක් අවසන් කර තිබෙනවා.

මීට පෙර එම වාර්තාව සුපිරි ක්‍රීඩක විරාට් කෝලිගේ නම ඉදිරියේ ලිය වී තිබුණේ අවස්ථා හතරක දී හයේ පහරකින් 20-20 තරග හතරක් අවසන් කරමින්.

මේ අතර ඊයේ තරගයේ දී හර්දික් පාණ්ඩ්‍යා දවාගත් කඩුල්ලත් සමඟ ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස තරගවල වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

ඒ, අනුව පාණ්ඩ්‍යා මේ වනවිට ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර 20-20 තරග 103කට ක්‍රීඩා කරමින් කඩුලු 87ක් බිඳ දමා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39