වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239ක් සහ මෝර වරල් කිලෝග්‍රෑම් 921ක තොගයක් සහිත ලොරි රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය ප්‍රදේශයේ අද අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ප්‍රදේශයේ සැකකටයුතු ලෙස නවතා තිබූ ලොරි රථ දෙකක් පරීක්‍ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී එම ලොරි රථ මඟින් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ උර 4ක අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239ක් සහ උර 19 ක අසුරන ලද මෝර වරල් කිලෝග්‍රෑම් 921ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනුණා.

සැකකරුවන් වයස අවුරුදු 41ක් සහ 48 ක් වන පුත්තලම සහ අලුත් එළුවන්කුලම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්, වියළි මුහුදු කූඩැල්ලන් හා මෝර වරල් තොගය සහ ලොරි රථ දෙක සමග ඉදිරි නීතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25