spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239ක් සහ මෝර වරල් කිලෝග්‍රෑම් 921ක තොගයක් සහිත ලොරි රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පුත්තලම, සේරක්කුලිය ප්‍රදේශයේ අද අළුයම් කාලයේදී සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ප්‍රදේශයේ සැකකටයුතු ලෙස නවතා තිබූ ලොරි රථ දෙකක් පරීක්‍ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී එම ලොරි රථ මඟින් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ උර 4ක අසුරන ලද නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 239ක් සහ උර 19 ක අසුරන ලද මෝර වරල් කිලෝග්‍රෑම් 921ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනුණා.

සැකකරුවන් වයස අවුරුදු 41ක් සහ 48 ක් වන පුත්තලම සහ අලුත් එළුවන්කුලම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්, වියළි මුහුදු කූඩැල්ලන් හා මෝර වරල් තොගය සහ ලොරි රථ දෙක සමග ඉදිරි නීතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?