වියළි කාලගුණය නිසා යල කන්නයේ වැඩිම හානිය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්

පවතින වියළි කාලගුණික තත්වය හමුවේ මෙවර යල කන්නයේ වැඩිම වගා හානිවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව අනාවරණ වී තිබෙනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබාදුන් වාර්තාවේයි එය දැක්වෙන්නේ.

මෙවර යල කන්නයේ දී සිදුවී ඇති වගා හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයා ලබා දුන් උපදෙස් පරිදි මෙම විමර්ශනය සිදු කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වහා හානි තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

වගා හානි සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දීමට නියමිතයි.

වගා හානි වන්දි ගෙවීමේ දී පූර්ණ හානි, මධ්‍යම හානි සහ සුළු හානි වශයෙන් අංශ තුනක් යටතේ වන්දි ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කරනු ලබනවා.

පසුගිය වසරේ වසරේ මෙම මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1700ක් පමණ වනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නය සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බවයි.

එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23