spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වියළි කාලගුණය නිසා යල කන්නයේ වැඩිම හානිය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්

පවතින වියළි කාලගුණික තත්වය හමුවේ මෙවර යල කන්නයේ වැඩිම වගා හානිවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව අනාවරණ වී තිබෙනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබාදුන් වාර්තාවේයි එය දැක්වෙන්නේ.

මෙවර යල කන්නයේ දී සිදුවී ඇති වගා හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයා ලබා දුන් උපදෙස් පරිදි මෙම විමර්ශනය සිදු කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වහා හානි තක්සේරු කිරීම් ආරම්භ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

වගා හානි සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දීමට නියමිතයි.

වගා හානි වන්දි ගෙවීමේ දී පූර්ණ හානි, මධ්‍යම හානි සහ සුළු හානි වශයෙන් අංශ තුනක් යටතේ වන්දි ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කරනු ලබනවා.

පසුගිය වසරේ වසරේ මෙම මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1700ක් පමණ වනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නය සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බවයි.

එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?