වියළි කාලගුණයෙන් අක්කර 51,479කට වගා හානි

පවතින නියඟය හේතුවෙන් වී ඇතුළු වගා අක්කර 51,479කට හානි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එමගින් ගොවීන් 46,072ක් පීඩාවට පත්ව ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

වියළි කාලගුණය හමුවේ හානි වී ඇති වී වගා බිම් ප්‍රමාණය අක්කර 51,055ක්.

වැඩිම වගා හානි ප්‍රමාණය වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.