වියදම අඩුකරන්න ඡන්ද ක්‍රමය ඩිජිටල් කරන්න – ඩිජිටල් පුරවැසි සංගමය

ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම් දේශපාලන වාසි නොබලා මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතු බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පවසනවා.

එමගින් මැතිවරණ සඳහා දැරිමට සිදුවන අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බවත්, එය අනාගත ආයෝජනයක් බවත් එම සංගමය අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැඳවුම්කරු අවන්ත රණසිංහ මහතා.

“අපේ අරමුණ ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහිකිරීම.තැපැල් ඡන්දයට අවශ්‍ය දිනයට ඡන්ද පත්‍රිකා ලබා දීමට නොහැකි වීමේ හේතුව මත මැතිවරණය අවුරුද්දකින් කල් යන බව රජයේ පාර්ශ්ව කියනවා.
මේ මැතිවරණයේ මුද්‍රණ වියදම විතරක් රුපියල් බිලියන 4.1ක්.ඇයි අපට මැතිවරණය ඩිජිටල්කරණය කරලා ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමයකට යන්න බැරි?
අයවැයෙන් මැතිවරණයට බිලියන දහයක් වෙන් කළා.ඒකෙන් බිලියන 4.1ක් ම මුද්‍රණ වියදම්. ප්‍රවාහන වියදම්, නිලධාරි වැටුප්, ආහාර, ආරක්ෂක වියදම් ඇතුළු ලොකු වියදමක් යනවා.පළාත් පාලන මැතිවරණයකට ඒක ලොකු මුදලක්. මැතිවරණය ඩිජිටල්කරණය කළොත් අර තරම් වියදමක් යනව ද?

අපි රජයෙන් අහන්නේ 2048 සමෘද්ධිමත් රටකට යන්න නම් මේ වන විට මැතිවරණය, රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන්න අරගෙන තියෙන පියවර මොනව ද?ලංකාවෙන් එපිට ඩිජිටල් මැතිවරණ පවත්වෙන්නේ කොහොම ද කියලා බලන්න.හොඳම උදාහරණය ඉන්දියාව. 2021 මොබයිල් බේස් ඡන්ද ක්‍රමය ගෙනාවා.ඒක කළේ කොරෝනා වසංගතය කාලේ. පටන් ගත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත පුද්ගලයන් සහ ඉතා දුර බැහැර රාජකාරී කරන රජයේ සේවකයන්ගෙන්.

කෙටියෙන් ම කිව්වොත් ඡන්දය දාන්න ඡන්ද පොළට එන්න බැරි පිරිස ඉලක්ක කළා. ඒක නියමු ව්‍යාපෘතියක් විදියට කළා.සියයට අනූ පහක් ම සාර්ථකයි.ඒ වගේ ම 1989 සිට ඡන්ද පොළ තදබදය අඩු කරන්න ඉලෙක්ට්‍රොනික් ඡන්ද යන්ත්‍රයක් භාවිත කරනවා.මේ වෙද්දී නැම්බියාව නේපාලය වගේ රටවල් පවා ඒක භාවිත කරනවා.ඉන්දියාව ඒක කළා නම් මිලියන විසි දෙකක් විතරක් ඉන්න අපේ රටට ඒක කරන්න බැරි ඇයි? එස්තෝනියාව 2005 සිට මැතිවරණය ඩිජිටල්කරණය කළා.හේතුව අවම වියදම සහ කාර්ය මණ්ඩලය. පද්ධතිය යාවත්කාලීන කිරීම පමණයි අවශ්‍ය. එහෙම නම් ඇයි ලංකාවට බැරි?

ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය විදියට අපේ යෝජනාව තමයි අපිට පුළුවන් විද්‍යුත් තැපැල් ඡන්ද ක්‍රමයක්, මොබයිල් ඡන්ද ක්‍රමයක් හෝ වෙබ් අඩවි පදනම් කරගන් ඡන්ද ක්‍රමයක් නිර්මාණය කරලා දෙන්න.අපට මේක පටන් ගන්නයි අවශ්‍ය.මේ ගැන පර්යේෂණ,නියමු ව්‍යාපෘති කරන්න වෙනවා.හැබැයි කොතනින් හරි පටන් ගන්න ඕනෑ.අද පටන් ගත්තොත් විතරයි මැතිවරණ පිළිබද අනාගත දැක්මක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ.

අපේ යෝජනාව තමයි ප්‍රධාන නගර තුනක් තෝරා ගන්න. නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා බලන්න. අවශ්‍ය නීති අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න.සංශෝධන අවශ්‍ය තැන්වල ඒ දේවල් කරන්න. එහෙම වුණොත් විතරයි ඊළග පියවරට යන්න පුළුවන්.

මේ ඉන්න නව පරම්පරාව ඩිජිටල් පරම්පරාවක්. ලෝකය ඉදිරියට යද්දී අපට විතරක් පිටුපස්සට යන්න බෑ. ඒ නිසා මේ විද්‍යුත්, ඩිජිටල් ඡන්ද ක්‍රමය රටට අරගෙන එන්න. පුරවැසියන්, දේශපාලනඥයන්, මාධ්‍ය විදියට මේවා කතා කරන්න, සංවාදයට විවෘත කරන්න. මැතිවරණය විතරක් නොවෙයි සෑම සේවාවක් ම ඩිජිටල් කරණය කළ යුතුයි.

කොළ නැති ප්‍රශ්නේ ඡන්දෙට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. පාසල් යන දරුවගේ අභ්‍යාස පොතට, රියදුරු බලපත්‍රයට ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මේ ගැටලුව තියෙනවා. ඒ නිසයි අපි ඩිජිටල්කරණයට යා යුත්තේ. ඒක ආයෝජනයක්. ඒක ලෝකයත් එක්ක සන්සන්දනය කරලා බලන්න.දේශපාලන වාසි නොබලා මේ ආයෝජනය කරන්න,යනුවෙන් ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15