වියදම් පාලනයට පාර්ලිමේන්තුවෙන් පියවර රැසක්

පාර්ලිමේන්තුවේත් විදුලිය සහ ජලය පාවිච්චිය හරි අඩකින් අඩුකරන ලෙස රජය පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 8ක් පමණ වන අතර මේ නියෝග අනුව පාර්ලිමේන්තුවේ ජලය සහ විදුලිය පාවිච්චි කිරීම සීමා කිරීමට දැනටමත් පියවර ගෙන ඇතැයි එහි ඉංජිනේරු අංශය පවසන්නේ.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සහ අමුත්තන්ගේ ගැලරියේ විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ප්‍රධාන ජල පොකුණේ ජලය කඩා වැටෙන( ජලරැලි නැංවීම) ආකාරයට ක්‍රියාත්මක කෙරුණු යාන්ත්‍රණය විදුලිය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස තාවකාලිකව අත්හිටවූ බවද එහි ඉංජිනේරු අංශය සඳහන් කරයි. ප්‍රධාන ජල පොකුණේ මෙවැනි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරුණේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ආකර්ෂණීයත්වයක් එක් කිරීම සඳහාය.

ජල මෝටර් කීපයක් යොදා ගෙන එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ සඳහා කිලෝ වොට් 75ක පමණ විදුලිය ප්‍රමාණයක් වැයවූ බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවේ සියළුම සී.එෆ්,එල් විදුලි බල්බ ඉවත්කර විදුලිය අඩුවෙන් වැය වන එල්.ඊ.ඩී බල්බ සවි කළ බව පවසන ඉංජිනේරුවරු විදුලිය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගත් බවද ප්‍රකාශ කර සිටියි,

කමිටු ශාලාවල සහ ප්‍රවේශ ශාලාවේ විදුලි පහන්ද හරි අඩකින් අඩු කර ඇත. වායු සමීකරණය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමද අඩු කර ඇති අතර විදුලි සෝපාන කිහිපයක්ද තාවකාලිකව නතර කළ බව පාර්ලිමේන්තු ප්‍රධානීන් සඳහන් කර සිටියි.

මුළුතැන්ගෙයි ජලය පාවිච්චි කිරීමද සීමා කරනු ලැබ ඇත. විදුලිය පාවිච්චි කිරිම අඩු කිරීම සඳහා වෙනම උපකරණ පද්ධතියක් සවි කිරීමටද කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36