විමුක්ති කුමාරතුංගගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

——

මාධ්‍ය නිවේදනයයි.

ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලංකා දේශපාලන කරලියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්ථා කර තිබුණි. ඒ වාර්ථා වලට මාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව තරයේ ප්‍රකාශ කරමි.

ඉකුත් වසර 21 පුරාවටත්, තවදුරටත් පශු වෛද්‍යවරයෙකු ලෙස මාගේ වෘත්තියටත් සහ පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහාත් සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරමින් සිටිමි.

මාගේ මාතෘ භූමියට මම ආදරය කරමි. මාගේ පෞද්ගලික හැකියාවන් තුළින් මා වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.

එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරත වීමට මාගේ කිසිම අදහසක් නොමැති බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි. එම නිසා අනාගතයේ මා ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළ වන වාර්ථා සම්පූර්ණයෙන් බැහැර කරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට මා දැඩි උත්සාහයක් දරා ඇත. මාගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් මම ශ්‍රී ලාංකේය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට
හිතවත්
වෛද්‍ය. විමුක්ති කුමාරතුංග

  1. සමලිංගිකයන්ගෙ සහ නපුන්සකයන්ගෙ දේෂපාලනය ලංකාවෙන් තුරන් වී ඇති බව විමුක්ති දනී; ඔහුගෙ එම ක්‍රියා වන් ලංකාවෙදී කරනට පහසු නොවේ ; එන්ගලන්තයෙ සමලිංගික නපුන්සකයන්ට නීතියෙන් ඉඩ ඇත; ඔහුට එනිසා ලංකාවට එන්ගලන්තය වටිනවා; සමලිංගික ආතල් එකට වඩා ජීවිතයක් ඔහුට මංගල සමරවීර සහ රනිල් වික්‍රමසින්හ වාගෙ නැත

    • I think it must be your upbringing that drives you to make such digusting comments about a person probably you have never ever met or known.
      Who would in a right mind would want to come and serve this country when its filled with filthy hearts and minds like yours.. It’s sad to see how our people have become political slaves to different parties and carry so much hate towards our own people all the time.

  2. Vimukthi has realized the futility of power,wealth and fame therefore he has decided not to enter politics. When he was the son of the president, he did not want to be on public spotlight. He could have easily engaged in social work and get a media publicity if he wanted given his mother was the president. In that aspect, he should be treated as a man with noble qualities. I respect him more than former president chandrika kumaratunga and vijaya kumaratunga. Some people have the ability to be on public spotlight and amass massive wealth but they refuse to do so. They are very thin on ground

  3. අදර විමුක්ති පුතා ඔයා හොද බුද්ධිමත් ලමයෙක් ඔබගේ පියා විජේ අයියා ලංකාව තුල සෝයා ගත නොහැකි දුර්ලබ හොද මිනිසෙක් දේශපාලනය නිසා අපිට අහිමිවුනා මම ගොඩක් කැමති නලුවා ගායකයා දේශපාලකයා ඔහුයි ලංකවේ බහුතරයක් ජනතාව අාත්මාර්ත කාමි අයයි ඔබගේ මැනියන් වන චන්දිරිකා මැතිනිය රටට කොතරම් සේවයක් කලාද.එ්ත් කල ගුන දන්න අය ලංකාවේ නැ එනිසාතමයි මමත් අවුරුදු 35 පමන පිට ජිවත්වන්නේ ඔබගේ තිරනයට මම ඉස්තුති වෙමි ඔබටත් පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි පේසු සාමිදරුවන්ගේ පිහටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51