විමල් වීරවංශට පොලිසියෙන් කැඳවීමක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශට හෙට (06) තංගල්ල මූලස්ථාන පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබෙනවා.

බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හිටපු අමාත්‍යවරයාව මෙලෙස පොලිසිය වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු බෙලිඅත්තේ සනා නැමැත්තාගෙන් මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.