විමල් වීරවංශට එරෙහි නඩුවක් ගැන මහාධිකරණයෙන් විශේෂ නියෝගයක්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කර කරමින් සිටිය දී රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද නැද්ද යන තීන්දුව ලබන පෙබරවරි 28 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ, අදාළ නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා” රජයේ සේවකයෙකු වශයෙන් අර්ථකථනය කර නොමැති බැවින් ඔහුට එරෙහිව අල්ලස් පනත යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවයි විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කරමින් සඳහන් කළේ.

එම මූලික විරෝධතාවට අදාළ ලිඛිත දේශන අද (16) දිනයේ දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද නැද්ද යන්න පිලිබඳ තීන්දුව ලබන පෙබරවාරි මස 28 වනදා ප්‍රකාශයට පත්කරන බවට අධිකරණය දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42