විමල්, උදය සහ වාසුට අගමැති මහින්දගෙන් නැවතත් ආරාධනා

අමාත්‍ය වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍යවරුන් වන විමල් විරවංශ සහ උදය ගම්මන්පිලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරාධනාවක් සිදුකර ඇති බව දේශපාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

අග්‍රාමාත්‍යවරයා විසින් අද පස්වරු 7.00ට තමන් හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසට මෙම පිරිසට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍ය මණ්ඩලයේ සාමුහිකත්වය බිඳ දැමෙන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ගේ අමාත්‍යධුර අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ පියවර ගනු ලැබුවා.

එම තීරණයට විරෝධය පළකරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර අද උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත්, අමාත්‍ය ධුරයේ වැඩ කිරීමෙන් වැළකී සිටින බවයි.

මෙවන් පසුබිමකයි ඔවුන්ට තමන් හමුවීමට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරාධනා කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05
Video thumbnail
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි..රජය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ මට
01:41
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35