විමල් අත්අඩංගුවට ගන්න වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින නඩුව වෙනුවෙන් අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් ඉදිරියේ කැඳවනු ලැබුවා.

අදාළ නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම නඩුව කැඳවන සෑම දිනයකම එක් එක් විත්තිකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම නඩුව කිසිමදාක විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි.

විත්තිකරුවන් මේ ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටීම මඟහැරිය හොත් විත්තිකරුවන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර නඩුව ඇසීමට සිදුවන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අනතුරු අඟවා සිටියා.

ඉන් අනතුරුව නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල් තැබීමට ද නියම කෙරුණා.

කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46