විමල්ට හෙට දිනයේත් පොලිසියෙන් කැඳවීමක්

හිටපු අමාත්‍ය හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හෙට (12) දිනයේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා.

හෙට (12) පෙරවරු 10.00ට හිටපු අමාත්‍යවරයාට එම කාර්යාංශයේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

වීරසිංහගේ සරත් නොහොත් ‘පුවක්දණ්ඩාවේ සනා’ සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්, ඔහුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන්කර ගැනීම වෙනුවෙන් මෙම කැඳවීම සිදුකර තිබෙනවා.

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ‘පුවක්දණ්ඩාවේ සනා’ නැමැත්තා පිළිබඳව විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණයක් සිදුකළා.

එහිදී ඔහු සඳහන් කළේ පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ජනාධිපතිවරයා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවක දී වීරසිංහගේ සරත් නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අයගේ නිවසට පැමිණ ආහාර ගත් බවයි.

ඒ, අනුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පසුගිය 06 වනදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ වෙත පැමිණෙන්න ලෙසයි දැනුම්දී තිබුණේ .

කෙසේ වෙතත් ඔහු එදින එහි නොපැමිණි අතර, පසුගිය 08 වනදා ඔහු එහි පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබුණා.

එම අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුරව සිටීම හේතුවෙන් වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් විමල් වීරවංශගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබූ බවයි වාර්තා වූණේ.

එලෙස ලබාගත් ප්‍රකාශය ප්‍රමාණවත් නොමැති බැවින්, යළිත් හෙට (12) දිනයේ ඔහුව එහි කැඳවා ඇති බවයි දැනගන්නට ලැබුණේ.

මේ අතර විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා එම කොට්ඨාසය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ලබාදුන් පිළිතුරු පොලිසිය ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් තමා විසින් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලබාදුන් පිළිතුරු සම්පූණයෙන්ම විකෘති කර ඇති බවයි විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ඊයේ (10) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොවන බවත්, ආණ්ඩුවක මඩ බලකායකට ගැළපෙන කටයුත්තක් බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42