විමල්ගේ වත්කම් නඩුව කැඳවීමට දින දෙයි

රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහි නඩුව 2017 වසරේ ගොනු කර තිබුනද එහි විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී ඇති හෙයින් එම නඩුව කැඳවීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අද (16) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙම ඉල්ලීම සිදුකළා.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නෑ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවා දායකයාට වෛරස් උණ රෝගයක් ආසාදනය වී සිටින බවත් ඒ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.

ඒ, අනුව මෙම නඩුව යළි ජුලි මස 17 වනදා කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා විමල් වීරවංශ වෙත නොතීසි නිකුත් කරන ලෙසත් නියම කළා.

2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොණුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43