spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විමල්ගේ බිරිඳගේ පාස්පෝර්ට් නඩුවේ තීන්දුව අද

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාල නඩු තීන්දුවක් අද ප්‍රකාශයට පත්කෙරෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ ඇයට එරෙහි නඩු දෙකෙහි නඩු විභාග පසුගියදා අවසන් කෙරුණා.

ඒ අනුවයි එම නියෝග අද ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා පසුගිය පෙබරවාරි 11 වනදා නියම කර සිටියේ.

ශෂී වීරවංශ මහත්මිය 1967 වසරේ ඉපිද ඇති නමුත් එය 1971 දී උපත ලැබූ බවට වෙනස් කරගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

ඇය අදාළ උපන් දින දෙක යටතේම ජාතික හැඳුනුම්පත් ලබාගෙන ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?