ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බවට සති අන්ත ජාතික පුවත්පතකට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාවගෙන ඉල්ලා අස්කර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට තනි නොකර ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ද ලබාදිය යුතු බවට ප්‍රකාශයක් ලබාදී තිබුණි.
අමාත්‍යවරයා සිදුකළ එම ප්‍රකාශය අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි ලෙස විවේචනයට ලක්කළේය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.
“මම හිතන්නේ විමල් වීරවංශ මහතා දැනගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂයත් නෙමෙයි එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කිසිදු අයිතියකුත් නෑ. අනිත් එක දේශපාලනයේ දී වාසි ලබා ගන්න. ඒ වගේ කුහක තැනකට පත්වෙන්න අපේ පක්ෂය සුදානම් නෑ. අපේ පක්ෂයේ පරමාදර්ශී නායකයා ලෙස සැලකු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් එතුමා කළ ප්‍රකාශය ජනතාවගෙන් සමාව ඉල්ලා වහා ඉල්ලා අස්කර ගත යුතුයි කියන තැන අපි පක්ෂයක් විදියට ඉන්නවා.“














1. jiniwa guliya ambaranna be. namuth ekata denagatha yuthu dewal thiyenawa.
2. nayakayek novi janadipathi wunoth anunge konthrath kara kara innayi wenne. den wela thiyennet e wage deyak thamayi. ekane minissunta ona nethi palam loku unanduwakin hadanna yanne.
3. kawuru ho apahata anawashshya kondesi damanne nam, arthika marmasthana sambanda katayuth walin owunwa ethka thebiya yuthuyi.