විමල්ගේ ප්‍රධානත්වයෙන් ‘ගොරක් කෝලා’ සහ ‘තල් කෝලා’ වෙළඳපලට

‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයක් (11) පානදුර නගර ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන ‘ගරක් – කෝලා’ සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන ‘තල් – කෝලා’ යන නව නිෂ්පාදන ජනගත කිරීම සිදුවිය.

මෙම නව නිෂ්පාදන ජනගත කිරීමට අමතරව ‘maa Product’ ආයතනය ‘ගෞරව උත්තමාචාර ප්‍රණාම උළෙලක්’ ද සංවිධානය කර තිබූ අතර එහිදී ‘කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට ගන්නා පියවරයන් අගයමින්’ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.

එසේම ආතර් වී. දියෙස් ශ්‍රීමතාණන් අගයමින් සම්මාන පිදීමක් සිදු වූ අතර එය එතුමන්ගේ මී මුණුපුරු වෛද්‍ය එරංග පතිරණ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර, ප්‍රවීණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පී ලයනල් පීරිස්, ප්‍රවීණ නිර්මාණවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලයනල් බෙන්තරගේ යන මහත්වරු ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

පැමිණි ආරාධිතයන් පිළිගැනීම ‘maa Product සමාගමේ සභාපති මුදිත සමනක්කොඩි මහතා විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06