විමල්ගේ ගෙදර මොකද වෙන්නේ?

මේ දිනවල දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අපට ඇත්තේ ඒ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නය මුලින්ම ඇති වූයේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට එරෙහිව ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ නායකයන් කොළඹ හතේ මලලසේකර මාවතේ විමල්ගේ නිල නිවසට රැස්වී කතාබස් කිරීමත් සමගය. ඒ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පක්ෂයෙන් විමල්ට දැඩි ප්‍රහාරයක් එල්ල විය.

මෙම ප්‍රකාශවලට අමාත්‍ය විමල් වීරවංශ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකින් පසු මාධ්‍යයට පිළිතුරු දුන්නේය.
මහින්ද සුළඟ අරඹා යළි මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම වරදක් නම්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට කැපවීම වරදක් නම් තමන් ජනතාවගෙන් සමාව ගන්නා බව ඇමැතිවරයා කීවේය.

තත්ත්වය මෙසේ තිබියදී විමල් වීරවංශ මහතාගේ නිල නිවසට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ නායකයෝ ඉකුත් දොළොස්වැනිදා සවස් වරුවේ යළිත් රැස්වුණහ. එම රැස්වීමට ඇමැතිවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන, ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස්, ඒ.එම්.ඒ. අතාවුල්ලාද පැමිණ සිටියහ. ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණද එක්ව සිටියේය. පළමු රැස්වීමට සහභාගි නොවූ ටිරාන් අලස් හා ඒ.එම්.ඒ. අතාවුල්ලා යන මන්ත්‍රීවරුන් මෙම රැස්වීමට සහභාගි වීම විශේෂත්වයකි. තවද පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නද ඊට එක්වූයේය. පැය තුනක පමණ කාලයක් රැස්වීම පැවැත්විණි. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සාකච්ඡාවට බඳුන් විය. සාමූහික අදහස් ඉදිරිපත් විය. නව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳවද කතා කිරීමට ඔවුන් අමතක කළේ නැත.

‘‘ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් මෙතැන එන්න හිටියේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සභාව තියෙන නිසා එන්නෙ නැහැ’’ අමාත්‍ය උදය ගම්මන්පිල කීවේය. එසේ බලන විට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පක්ෂය හැර අනෙක් සියලු පක්ෂවල නායකයෝ විමල් වීරවංශගේ නව සන්ධානයට එක්ව සිටිති. එම සාකච්ඡාවේදී මුලින් අවධානය යොමුවී ඇත්තේ ඉකුත් සතියේ උද්ගත වූ තත්ත්වය ගැනය.

‘‘අපි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවෙලා මෙම ප්‍රශ්න ගැන කතා කරමු. වෙලාවක් ඉල්ලා ගනිමු’’ ඇමැති විමල් කළ යෝජනාවට සියලු දෙනාම එකඟත්වය පළ කළේය. පවතින දේශපාලන අර්බුද ගැන යෝජනාවලියක් සාදා ජනාධිපතිවරයාට ලබාදීමටද තීන්දු කළහ. කෙසේ වෙතත් සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට කීමට අවසර හිමිවුණේ අමාත්‍ය උදය ගම්මන්පිලට හා වාසුදේව නානායක්කාරට පමණි.

පැය තුනක පමණ කාලයක් ඇමැති විමල්ගේ නිල නිවසේ ගේට්ටුව අසල රැඳී සිටි මාධ්‍යවේදීන්ට පළමුව අදහස් පළ කළේ අමාත්‍ය වාසුදේව නානායක්කාරය.

‘‘පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවෙන් පසුව ගත් තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කිරීමට තීරණය කළා. පක්ෂ විදිහට අපේ බෙදීමක් නැහැ. මත වශයෙන් විවිධ මත තියෙන අය ඉන්නවා. ඒවා මතුවන එක වළක්වන්න බැහැ. විමල් වීරවංශ මහතා පළ කළ මතයයි එයාලා ඉදිරිපත් කළ මතයයි පරස්පරයක් තියෙන්නේ. ඒක විමල් වීරවංශ මහතා පැහැදිලි කළානේ. විමල්ගේ ප්‍රශ්නේ බෙදුම් රේඛාව මැකී ගිහින් ඉවරයි. දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි’‘ ඇමැති වාසුදේව නානායක්කාර කියා සිටියේ ප්‍රශ්න අවසන් බවද හඟවමිනි.

‘‘අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රශ්නය අවසන් වෙලා තියෙන්නේ. ඒ සඳහා මහා සංඝරත්නය වගේම ඇමැතිතුමා පෙරමුණ ගත්තා. මේ සම්බන්ධයෙන් අගමැතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී අගමැතිතුමා ප්‍රකාශ කළා ඇමැති විමල්ගේ ප්‍රකාශයේ හරය තේරුම් ගත්තා කියලා. එහි වරදක් අගමැතිතුමා දකින්නේ නැහැ. එතුමා පරිණත නායකයෙක්. පොදුජන පෙරමුණ සහ සන්ධානය අතර අරගලයක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කරන්න අපි දායක වුණා. බොහොම අමාරුවෙන් හදාගත්ත දරුවා විනාශ කරන්න අපි සූදානම් නැහැ’’ උදය ගම්මන්පිල ඇමැතිවරයා සිනාමුසු මුහුණෙන් පැවසුවේය.

කෙසේ වෙතත් මෙම පක්ෂ නායකයන්ගේ තවත් රැස්වීමක් ලබන 25 වැනිදා බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
‘‘අපි සාමාජික පක්ෂ නායකයන්ගේ පක්ෂ මූලස්ථානවල සතිපතාම රැස්වෙන්න තීන්දු කළා. පවතින දේශපාලන ගැටලු ගැන සාකච්ඡා කරනවා’’ යැයි රැස්වීමට සහභාගි වූ දේශපාලන පක්ෂ නායකයෙක් අප හා පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55