අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ගේ වාහන සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව විභාග රාජකාරී කටයුතු සඳහා එක්වන නිරධාරීන්ට ලබන ඉරු දින (22) පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ තමා පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත ගොස් ඉන්ධන ලබාගැනීමේ පහසුකම සලසා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එලෙස ඉන්ධන ලබා ගැනීමේ දී ඉන්ධන පිරවුම්හල වෙත අදාල නිලධාරියාගේ පත්වීමේ ලිපිය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.














එකට තෙල් දෙනවද???
ඩුබායි වලින් ගෙන්නලද දෙන්නේ😡☝️