විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම්දීමක්

දහම් පාසල් අවසාන විභාගය පැවැත්වෙන ලබන 28 සහ 29 දිනවල පාසල්වල උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලට විභාග අපේක්ෂකයන් කැඳවා ඇත්නම් ඔවුන්ට අගතියක් නොවන ලෙසට කටයුතු කරන්නැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ බෞද්ධ, හින්දු, කතෝලික සහ අහදියියා දහම් පාසල් අවසාන විභාග 28 සහ 29 දෙදින දිවයින පුරා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

දිවයිනේ ඇතැම් පාසල්වල 2025 වසර සඳහා උසස් පෙළ පන්ති සඳහා සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ද මේ දිනවල පැවැත්වෙන බවට තොරතුරු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව එම දින දෙක තුළ කිසියම් විදුහලක උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් කැඳවා ඇත්නම් එවැනි සිසුන්ට අගතියක් නොවන පරිදි සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන ලෙසටයි විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ.

414806744 924209055932297 7776018482105303628 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14