විභාග කොමසාරිස්ගෙන් විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින්ට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් තුළ සංවිධාන නොකරන ලෙසට විභාග කොමසාරිස්වරයා විසින් සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී තිබෙනවා.

එම උපදෙස්වලට පටහැනි ලෙස විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති ඇතැම් පාසල් තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ අධික ශබ්ද නැගෙන විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරෙන බවටයි විවිධ ප්‍රදේශවලින් විභාග කොමසාරිස්වරයාට පැමිණිලි ලැබී ඇත්තේ.

ඒ අනුව අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ කිසිදු බාහිර ක්‍රියාකාරකමක් විභාගය අවසන් වන තෙක් විභාග මධ්‍යස්ථාන ලෙස තෝරාගෙන ඇති කිසිදු පාසලක් තුළ ක්‍රියාත්මක නොකරන ලෙසටයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කරන්නේ.

පසුගිය 4 වනදා ආරම්භ වූ උසස් පෙළ විභාගය ලබන 31 වනදා ද ක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2302කදී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56