spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විභාග කොමසාරිස්ගෙන් විදුහල්පතිවරුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින්ට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් තුළ සංවිධාන නොකරන ලෙසට විභාග කොමසාරිස්වරයා විසින් සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී තිබෙනවා.

එම උපදෙස්වලට පටහැනි ලෙස විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති ඇතැම් පාසල් තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ අධික ශබ්ද නැගෙන විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරෙන බවටයි විවිධ ප්‍රදේශවලින් විභාග කොමසාරිස්වරයාට පැමිණිලි ලැබී ඇත්තේ.

ඒ අනුව අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ කිසිදු බාහිර ක්‍රියාකාරකමක් විභාගය අවසන් වන තෙක් විභාග මධ්‍යස්ථාන ලෙස තෝරාගෙන ඇති කිසිදු පාසලක් තුළ ක්‍රියාත්මක නොකරන ලෙසටයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කරන්නේ.

පසුගිය 4 වනදා ආරම්භ වූ උසස් පෙළ විභාගය ලබන 31 වනදා ද ක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2302කදී පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?