විපතට පත් ජනතාවට සහන සැලසීමට මුදල් බාධාවක් කරගන්න එපා – ජනපති

ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇති බවත් එබැවින් මුදල් කිසිදු බාධාවක් කර නොගෙන ජනතාව මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක දිස්ත්‍රික් ලේකම්වරු වෙත උපදෙස් ලබාදෙනු ලැබුවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට අද (28) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමින්.

ජනතාව මුදා ගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේදී තවදුරටත් මුදල් අවශ්‍ය නම් ඉල්ලා සිටින ලෙසත්, හදිසි අවස්ථාවලදී දැනට දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සතුව පවතින මුදල් වැය කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන්නා.

මුදල් වැය කිරීමේදී චක්‍රලේඛ බාධාවක්වීම වළක්වා ගැනීමට නව චක්‍රලේඛයක් වහාම නිකුත් කරන ලෙසද මෙහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයේ ලේකම්වරයාට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක අවතැන් වු ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරුවල පාලනය යුද හමුදාවට භාරදීමට ද උපදෙස් දුන්නා.

සිරවී සිටින ජනතාව මුදවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු , හෙලිකොප්ටර් ඇතුලු වෙනත් උපකරණ සහ වාහන පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසද මෙහිදී දිසාපතිවරුන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සම්බන්ධීකරණය සදහා ආරක්ෂක මූලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වාගෙන යාමටත්, ඒ හා සම්බන්ධ වීමට විශේෂ දුරකථන අංක දහයක් හඳුන්වාදීමටත් අදාළ අංශවලට දැනුම් දෙනු ලැබුවා.

එමෙන්ම ගංවතුර, නායයාම් සහ ගස්කඩා වැටිම් හේතුවෙන් විනාශ වී ඇති යටිතල පහසුකම් පිළිබඳ ලේඛන සකස් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යොමු කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරු වෙත වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදා තත්ත්වය පහව යාමත් සමඟ එම ලේඛන වලට අනුව ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් අදාළ පිළිසකර කිරීම් ආරම්භ කරන බවත් වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජි.අජිත් ගුණසේකර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක යන මහත්වරුද ත්‍රිවිධ හමුදාපතිවරුථ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23