විපක්‍ෂයේ විරෝධතා නිසා නැවත රට වහන්න වෙයි

කොවිඩ් අර්බුදය හමුවේ රට අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින මොහොතක රට තවත් අර්බුද රැසකට ඇද දමමින් ජනතාව පීඩාවට පත් කිරීමට රට පුරා කොවිඩ් පොකුරු බිහි කිරීමේ වැඩපිළිවෙලක් විපක්ෂය විසින් ගෙන යන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පැවසීය.

“කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් අවස්ථා ගණනාවකදී රට වසා දැමීමටත් සංචරණ සීමා පැනවීමටත් සිදු වුනා. ඒ හේතුවෙන් රටේ නිෂ්පාදන ආර්ථිකය පහළ වැටුනා. ජන ජීවිත අඩාල වුනා. මේ හේතුවෙන් රටේ ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන්නා. එන්නත්කරණය හා ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව ලබා දුන් සහායෝගය හේතුවෙන් රට යළිත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින් ආර්ථික අභියෝග ජය ගැනීමට උත්සහ දරණ අවස්ථාවක සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් විපක්ෂය කටයුතු කරනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර එක හමාරකට ආසන්න කාලයක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වුනා. පසුගිය කාලය තුළ කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමට හැකිවීමත් සමඟ අදියරෙන් අදියර පාසල් විවෘත කිරීමට හැකියාව ලැබුනා. ලබන සදුදා වන විට සියලු ශ්‍රේණි විවෘත කිරීමට අවස්ථාව ලැබී ඇති මොහොතක විපක්ෂයේ මෙවැනි ක්‍රියා හේතුවෙන් යළිත් පාසල් වැසීමේ අවධානමක් පවා මතු විය හැකියි. ඒ හරහා යළිත් අපේ රටේ අනාගත පරපුර අවධානමේ හෙලීමක් සිදුවනවා. මෙවැනි දේ තෙරුම් ගැනීමට නොහැකි විපක්ෂයකට රටේ බලයක් ජනතාව කිසිසේත් ලබා දෙන්නේ නැති බව විශ්වාසයි.

කොවිඩ් අර්බුදය හේතුවෙන් ලෝකයේ අනෙකුත් රටවල් පැන නැගී ඇති අර්බුදවලින් මිදීමට පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව කටයුතු කරනවා. නමුත් ලංකාවේ විපක්ෂය රට තව තවත් පහළට ඇද දැමීමට ජනතාව රවටමින් කටයුතු කරනවා.

මෙවැනි ලෝක වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් සිටින මොහොතක රටේ ආර්ථික අභියෝග ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අදහසක් හෝ දැක්මක් නොමැතිව සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දැරීම ජනතාව කිසිසේත් අනුමත කරන්නෙ නැහැ. රජයට විරෝධතාව දැක්විය යුතු නම් ඒ සඳහා සෞඛ්‍ය උපදෙස් උල්ලංඝණය නොකර වෙනත් විකල්ප ක්‍රමවේද භාවිතා කළ යුතුයි. අපේ රටේ වැදගත්ම දේ ජනතාව ආරක්ෂා කර ගැනීමයි. අපේ රජයන් සැමදා කළේ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි. වසර 30 ක් පැවති යුද්ධයේදීත් රටේ ජනතාව ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යය වුනා. ලෝක වසංගතයකට මුහුණ දී සිටින මොහොතක රටේ ජනතාව ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යය වුනා. ඒ නිසා අපි විපක්ෂයට කියන්නේ මෙවැනි වසංගත තත්ත්වයකදී රටේ ජනතාව අනතුරේ හෙලන්නේ නැතිව වගකිව යුතු විපක්ෂයක් ලෙස හැසිරෙන ලෙසයි.”

– media unit

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41