spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂ නායක සහ නවසීලන්ත මහකොමසාරිස් අතර හමුවක් (ඡායාරූප)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් අතර හමුවක් ඊයේ (04) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවුණා.

නවසීලන්ත මහකොමසාරිස්වරයා⁣ මෙරට තුළ සිය සේවා කාලය අවසන් කර සිය රට බලා යාමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වූ අතර, එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට කර තිබෙනවා.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වත්මන් රජය ජනතාව පීඩාවට පත් කරමින් පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළ අතර, බදු පැනවීමෙන් තොරව රාජ්‍ය ආදායම වැඩි කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා විසින් නවසීලන්ත මහකොමසාරිස්වරයාව දැනුවත් කළා.

ඊට අමතරව රජය හිතාමතාම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ දිගින් දිගටම කල් දමා ඇති ආකාරය ද පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

එමෙන්ම නවසීලන්ත මහකොමසාරිස්වරයා විසින් පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ සිදු කළ සේවාවට ස්තූතිවන්ත වීමට ද විපක්ෂ නායකවරයා මෙහි දී කටයුතු කළා.

WhatsApp Image 2024 01 05 at 1.46.48 PM
WhatsApp Image 2024 01 05 at 1.46.48 PM
WhatsApp Image 2024 01 05 at 1.46.48 PM
WhatsApp Image 2024 01 05 at 1.46.48 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?