විපක්ෂය සභා ගර්භයෙන් ඉවත්වෙයි – පාර්ලිමේන්තුව අනිද්දාට කල් යයි

පාර්ලිමේන්තුව අනිද්දා (03) පෙරවරු 9.00 දක්වා කල් තබන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න දැනුම් දුන්නා.

අද (01) දහවල් 12.30 ට පෙර වැය ශීර්ෂ සම්මත කරගත් පසු සභාව මෙසේ කල් තබන බවද ඔහු පැවසුවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමෙන් අනතුරුව කතානායකවරයා මෙම තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා .

කෙසේ වෙතත් අද (01) පාර්ලිමේන්තුවේ දී විපක්ෂය සඳහන් කළේ පවතින ආපදා තත්ත්වය පිළිබදව විවාදයක් අවශ්‍ය බවයි.

ඒ සඳහා දහවල් 12.30 දක්වා ලැබුණු කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගියා.

  1. මුන්ට ඕන කකා බිබී ඕක ඇතුලට වෙලා දෙපැත්ත බෙදිලා වාද කර කර ඉන්න.
    බූරු පුතා නම් අමු ගවයෙක්. කාලකන්නියෙක්. මේ වගේ එවුන්වනේ මෝඩ මිනිස්සු පාර්ලිමේන්තුවට යවල තියෙන්නේ.