spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විනෝද ගමනක් ගිය බස් රථය 47ක් සමග තේ වත්තක නතරවෙයි

නුවරඑළිය සිට හොරණ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් නානුඔය කෙටි මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වී තිබෙනවා.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මිටර් 25 පමණ තේ වත්ත දෙසට ඇදී ගොස් අනතුරට පත් වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අද පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ කාස්බර්ග් වත්ත ප්‍රදේශයේදීයි.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි කුඩා ළමුන් ඇතුළු 47 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුට අනතුරෙන් තුවාල සිදු වී නැහැ.

අධික බෑවුමක් සහිත නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය කරමින් තිබු බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරාගේ පාලනයෙන් මිදී තේ වත්තට ඇදි ගොස් නතර වී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

බස් රථයේ ගමන් ගත් පිරිස හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් සති අන්ත නිවාඩුවට නුවරඑලියේ සංචාරයක පැමිණ ආපසු හොරණ දක්වා යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති සඳහන්.

Accident2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?