විනිසුරුවරුන්ගේ වැටුප් වලින් බදු අය කිරීම වළක්වාලමින් පැනවූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මාර්තු මස 01 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

එදින පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියාසිටින්නේ තමන් විධායකය නියෝජනය නොකරන ස්වාධීන පිරිසක් බැවින් තමන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නෛතික බලයක් නොමැති බවයි.

එබැවින් තමන්ගෙන් අදාළ බද්ද අය කිරීමට අධිකරණ අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51