විනය භාර ස්වාමීන් වහන්සේ පහරදුන් බව පවසමින් සිසුවෙක් රෝහලට

පාසලේ විනය භාර ගුරු හිමිනමක් පහරදුන් බව පවසමින් රාජගිරිය ප්‍රදේශයේ පාසලක සිසුවකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි වැලිකඩ පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල් ගතව ඇත්තේ එම පාසලේ එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන මහරගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිසුවා රැවුල වවාගෙන පාසලට පැමිණ ඇති අතර විනය භාර ගුරු හිමි නම තවත් ගුරුවරයකු සමග එක්ව සිසුවා ගේ රැවුල කැපීම සඳහා උත්සහ කිරීමේදී ඔහු ඊට විරුද්ධත්වය පළ කිරීමත් සමඟ විනය භාර හිමි නම කන ප්‍රදේශයට ගැසූ බව පවසමින් සිසුවා රෝහල් ගතව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

පහර කෑ සිසුවා එම සිදුවීමෙන් දින දෙකකට පසුවයි තම කන ප්‍රදේශය රිදෙන බව පවසා රෝහල් ගත වී ඇත්තේ.

රෝහල් පොලිසියෙන් කරන ලද දැනුම් දීමක් මත වැලිකඩ පොලිසිය විමර්ශන මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40