විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනුවට නව නීතියක්

විදේශ රැකියා නියාමනය කිරීම, ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සුරක්ෂිත කිරීම සහ විදේශ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත හඳුන්වා දී තිබෙනවා.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිචාර දැක්වීමට සහ ජාතික ප්‍රමුඛතාවන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන් සමග අනුගත වීමට හැකි වන පරිදි දැනට පවතින ව්‍යවස්ථාපිත රාමුව නවීකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

එම අවශ්‍යතාව සඳහා 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන නීතිමය සහ ආයතනික රාමුව නවීකරණය කිරීමට සහ ශක්තිමත් කිරීමට අදාළව සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ තිබෙනවා.

එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ඉවත් කරමින් නව පනතක් හඳුන්වා දීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04