විදේශ සංචාරයක් සඳහා ජනපති පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දින 12 ක විදේශ සංචාරයන් දෙකක නිරත වීම සදහා අද (13) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .

එහිදී ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර සහ උගන්ඩාවේ පැවැත්වීමට නියමිත සමුළු දෙකක් සදහා සහභාගී වීමට නියමිතය .

එතුමා සමග දූත පිරිසක් ද පිටත්ව ගොස් ඇති අතර , මෙම පිරිස අද (13) දින අලුයම 03.00 එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ . එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ස්විට්සර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය .