විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

පසුගිය මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,862.7ක් වන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

එම ප්‍රමාණය 2022 වර්ෂයේ එම කාලයට සාපේක්ෂ ව සියයට 74.4ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුවා පෙන්වා දෙනවා.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙනවා.

මේ වසරේ මුල් මාස අට තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 904,318 ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය සංඛ්‍යාලේඛන මගින් ප්‍රකාශ කර ඇත්තේ.

2022 වසරේ දී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් ගණන 719,978ක් පමණක් බව එහි සදහන්.

මේ දක්වා වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ පසුගිය ජුලි මාසයේ දී වන අතර එම සංඛ්‍යාව 143,039ක්.

පසුගිය මාසයේදී සංචාරකයින් 136,405 ක් මෙරටට පැමිණ ඇති අතර ගිය වසරේ එම කාල සීමාවේදි මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 37,760 ක් පමණයි.

ඒ අනුව පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්ෂව මේ වසරේ ගතවු සෑම මසකදීම සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46