spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්

පසුගිය මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,862.7ක් වන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

එම ප්‍රමාණය 2022 වර්ෂයේ එම කාලයට සාපේක්ෂ ව සියයට 74.4ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුවා පෙන්වා දෙනවා.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙනවා.

මේ වසරේ මුල් මාස අට තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 904,318 ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය සංඛ්‍යාලේඛන මගින් ප්‍රකාශ කර ඇත්තේ.

2022 වසරේ දී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් ගණන 719,978ක් පමණක් බව එහි සදහන්.

මේ දක්වා වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ පසුගිය ජුලි මාසයේ දී වන අතර එම සංඛ්‍යාව 143,039ක්.

පසුගිය මාසයේදී සංචාරකයින් 136,405 ක් මෙරටට පැමිණ ඇති අතර ගිය වසරේ එම කාල සීමාවේදි මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 37,760 ක් පමණයි.

ඒ අනුව පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්ෂව මේ වසරේ ගතවු සෑම මසකදීම සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?